AFC Banner
AFC Banner
Empty Ad

කටුකුරුන්දේ වෙඩි තැබීමක් – අයෙක් මරුට දැරියකට තුවාල

කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ඔහුගේ 08 හැවිරිදි දැරිය තුවාල ලැබුවා.

මෙලෙස මියගොස් ඇත්තේ අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නමැති 38 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා කටුකුන්ද දුම්රියපොළ පාරේ පදිංචි නිවවසේ සිට දරු තිදෙනා සමඟ රාත්‍රි ආහාරය ලබාගනිමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි මෙතෙක් සිදුකළ විමර්ශනවල දී නිරීක්ෂණය වී ඇත්තේ.

ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පුද්ගලයා මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධයෙන් පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරී නිලධාරින්, කළුතර අපරාධ කොට්ටාශය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, කළුතර, පයාගල, බේරුවල ස්ථානාධිපතිවරුන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් සහ විශේෂ කාර්ය බලකාය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
5
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?