කළා ලෝකය නිරන්තරයෙන් කතාබහට ළක්වන රංගන ශිල්පිනියක් තමයි ගයත්රී ඩයස් කියලා කියන්නේ.
ලාංකීය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ට ලාංකීය රසික රසිකාවියන් ගොඩක් ආදරේ කරනවා. ඉතින් ඒ වගේම රසික ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ගයත්රී ඩයස්.
මේ විදිහට ලාංකිකයන්ගේ ආදරය දිනාගත්තු ඇය විවාහ වෙන්නේ කලා ක්ෂේත්රය තුළ ජනප්රියත්වයට පත් චන්න පෙරේරා සමගයි. ඒ 1996 වසරේදී වන අතර වර්තමානය වනවිට ඇයට දියණියන් දෙදෙනෙකු සිටිනවා.
කොහොම හරි ඇයට මේ දවස් වල කටකථා වලින් නම් අඩුවක් නෑ.
ඒවාට උත්තර දෙමින් ඇය කියල තිබුනේ හස්බන්ඞ් එක්කද ඉන්නේ කා එක්කද ඉන්නේ කියන එක කාටවත් අදාළ නැහැනේ කියලා. ඒ වගේම අපේ කළා නිර්මාණ දැකලා සතුටු වෙන්න පුළුවන් නම් එච්චරයි කියන ඇය කියන්නේ අපේ රස්සාව රඟපාන එක කියලයි.