කච්චතිව් දූපත පවරාදීම සම්බන්ධයෙන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව අභාවප්‍රාප්ත හිටපු අභියෝගක පෙත්සම්කරු ලෙස තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි වෙනුවට DMK පක්ෂ නායක ටී. ආර්. බාලු පත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.
ඒ නියෝගය ඊයේ (25) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබුවා.
1974 වසරේ ජුනි මස 26 සහ 28 යන දිනවල ඇති කරගත් ගිවිසුම් සහ 1976 වසරේ මාර්තු 23 වැනිදා ඇති කරගත් තවත් ගිවිසුමක් හරහා කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට භාරදීමට සම්බන්ධ සන්නිවේදනයන් ව්‍යවස්ථා විරෝධී සහ අවලංගු බවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කරමින් සඳහන් කළා.
අදාළ මූලික කරුණු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අගවිනිසුරු සංජීව් කන්නාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් පෙත්සම විභාග කරනු ලැබුවා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඬුල්ල අදාළ නඩුව 2025 සැප්තැම්බර් 15 වැනිදා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කළා.