කච්චතිව් දූපත පවරාදීම ගැන ඉන්දීය උපරිමාධිකරණයෙන් නියෝගයක්

කච්චතිව් දූපත පවරාදීම සම්බන්ධයෙන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව අභාවප්‍රාප්ත හිටපු අභියෝගක පෙත්සම්කරු ලෙස තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි වෙනුවට DMK පක්ෂ නායක ටී. ආර්. බාලු පත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ නියෝගය ඊයේ (25) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබුවා.

1974 වසරේ ජුනි මස 26 සහ 28 යන දිනවල ඇති කරගත් ගිවිසුම් සහ 1976 වසරේ මාර්තු 23 වැනිදා ඇති කරගත් තවත් ගිවිසුමක් හරහා කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට භාරදීමට සම්බන්ධ සන්නිවේදනයන් ව්‍යවස්ථා විරෝධී සහ අවලංගු බවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කරමින් සඳහන් කළා.

අදාළ මූලික කරුණු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අගවිනිසුරු සංජීව් කන්නාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් පෙත්සම විභාග කරනු ලැබුවා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඬුල්ල අදාළ නඩුව 2025 සැප්තැම්බර් 15 වැනිදා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කළා.

  1. ජාත්‍යන්තර සම්බන්ධතා, ජාත්‍යන්තර ගිවිසුම් ඒක පාර්ශ්වික ඕනා එපාකම් මත සිදුකල නොහැකි බව මතක තබාගතයුතු කරුණකි!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46