පාතාල කල්ලි නායකයින් වන කංජිපානි ඉම්රාන් හා ලොකු පැටී අත්අඩංගුවට

යුරෝපයේ සැඟව සිටින බවට මෙරට ආරක්ෂක අංශ සැකපළකර සිටි පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව ලොකු පැටී නැමති පාතාල කල්ලි නායකයා ද අත්අඩංගුවට පත්ව ඇති බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වුණේ.

විදෙස් ගතව සැඟව සිටින බවට මෙරට ආරක්ෂක අංශ සැකපර සිටි ප්‍රබල පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් බෙලරූස් හිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශය හරහා බෙලරූස් වෙත පලා යාමට උත්සාහ කිරීමේ දී කංජිපානි ඉම්රාන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි ලොකු පැටී නැමති පාතාල කල්ලි නායකයා ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අප වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමක් කර සිටියා.

එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම පාතාල කල්ලි නායකයින් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍යවල පුවත් සංසරණය වන බවට පොලිසියට වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් නිල වශයෙන් පොලිසියට වාර්තා වී නොමැති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා දසත නිවුස් කළ විමසීමේ දී වැඩිදුරටත් පැවසුවේ.

පසුගිය ජුලි මස 08 වනිදා ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයෙක් අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකරුවන් ලෙස කංජිපානි ඉම්රාන් ඉම්රාන් සහ ලොකු පැටී හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
47
+1
3
+1
3
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?