ඖෂධ නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්න – සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය සීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, මෙරට ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ කරුණු නිසා වර්තමානයේ අභියෝගයක් වී ඇති බව පෙන්වා දෙමින්.

රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කටයුතු පිළිබඳව කරුණු සොයා බැලීමේ අවස්ථාවක එක් වෙමින් අමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් ලබාදී තිබුණා.

එහිදී අමාත්‍යවරයා විසින් ඖෂධ සැපයුම්කරුවන් හිඟකම, ටෙන්ඩර් ලබාගත් සැපයුම්කරුවන් අඛණ්ඩව ඖෂධ සැපයුම ලබානොදීම, ගෝලීය ප්‍රශ්න මත සැපයුම් ජාලය අඩාලවීම යන කරුණු හේතුවෙන් වර්තමානයේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් රජයේ රෝහල් පද්ධතියට ලබාගැනීමට නොහැකි වී ඇති බව පෙන්වා දුන්නා.

එමෙන්ම සැපයුම්කරුවන් ලියාපදිංචි නොවීම හේතුවෙන් මේ වන විට ඖෂධ සීමිත ප්‍රමාණයක යම් හිඟතාවයක් ද පවතින බවයි ඔහු එහිදී ප්‍රකාශ කළා.

ඒ, අනුව ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍යවන අමුද්‍රව්‍ය කඩිනමින් මෙරටට ගෙන්වීම මෙන්ම ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව සවිස්තර කරුණු සොයා බැලීමක් සිදුකළ අමාත්‍යවරයා; හඳුනාගත් දුර්වලතා සහ අඩුපාඩු නිවැරදි කරගනිමින් නිෂ්පාදන ධාරිතාවය කඩිනමින් ඉහළ දැමීම සදහා අවශ්‍ය සැලසුම් සකස් වියයුතු ආකාරය පිළිබඳව නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?