ඖෂධ තොගයක් නීතිවිරෝධී ලෙසින් රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධී ලෙස සහ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු අද දින (11) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ඉන්දීය ජාතික ගුවන් මගියෙක් වන අතර මොහු ගුවන් මගින් විවිධ ඖෂධ වර්ග මේ ආකාරයට රැගෙනවිත්, රට පුරා පිහිටි පෞද්ගලික ඔසු සැල් සහ රෝහල් වෙත අලෙවි කිරීමේ ජාවාරමක නිරතවී තිබෙනවා.

මෙම පුද්ගලයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව ඖෂධ තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණා.

මෙම ඖෂධ අතර පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිතව හට ගන්නා පිළිකා මර්දනයට යොදා ගන්නා එන්නත්, කාන්තාවන්ගේ සරුබව වර්ධනය කිරීමට යොදා ගන්නා ඖෂධ සහ කාන්තාවන්ගේ සම සුදු පැහැ ගැන්වීමට භාවිතා කරන ආලේපන ඇතුළු තවත් ඖෂධ වර්ග රාශියක් මොහු සිය ගමන් මලු තුළ සගවා ගෙන මෙරටට රැගෙන විත් තිබුණා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමිගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර තිබුණා.

මෙසේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඖෂධ තොගය රාජසන්තක කර, මේවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?