ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා මෙරටට සහාය ලබාදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත් වූ ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් මහතා ඒ පිළිබඳව සාකච්චා කළ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු විසින් සඳහන් කර ඇත.
මෙම ආර්ථික අර්බුදය හමුවේ මතුව ඇති ඖෂධ හා වෛද්‍ය සැපයුම් හිඟයට විසඳුම් ලබාදීමේ හැකියාව පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීයා මෙම සටහනින් පවසයි.
ඒ අතරම මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලබාදීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ.




