AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ, ඉන්ධන සහ පොහොර නැතිව දුක් විඳි අතීතය අමතක නොකළ යුතුයි – ජනපති (ඡායාරූප)

ඖෂධ, ඉන්ධන සහ පොහොර නොමැතිව මෙරට ජනතාව දුක් විඳි අතීතය කිසිලෙසකින් අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (20) පස්වරුවේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනය අමතමින්.

නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම වෙනුවෙන් මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

කොරෝනා සහ ආර්ථික අර්බුදය හමුවේ පැන නොගොස් රට වෙනුවෙන් වගකීම් ඉටු කළ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට මෙම සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා සිය ප්‍රණාමය පුද කිරීමට ද අමතක කළේ නැහැ.

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳි අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමග සියලු දෙනා එක්විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

2015 නව ඖෂධ පනත සම්මත කිරීමත් සමග සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය ස්ථාපිත කෙරුණා.

රට තුළ ඖෂධ මිල පාලනයට සහ කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන ලෙස කටයුතු කිරීමේ දී කොන්දේසි විරහිත කාර්යභාරයක් ඉටු කරන මෙම සංගමය රජයේ වකුගඩු අරමුදල සහ සෞඛ්‍ය අරමුදල ශක්තිමත් කිරීම ඇතුළු සමාජ සත්කාර රැසක් සඳහා සිය දායකත්වය ලබා දී තිබෙන්නක්.

WhatsApp Image 2024 06 21 at 11.19.36 1
WhatsApp Image 2024 06 21 at 11.19.36
WhatsApp Image 2024 06 21 at 11.19.37
WhatsApp Image 2024 06 21 at 11.20.51
WhatsApp Image 2024 06 21 at 11.20.56
WhatsApp Image 2024 06 21 at 11.22.01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56
Video thumbnail
මාලිමාවේ ජන ගඟ දැක්ක හරිණි පුදුම වෙයි - "අද නුගේගොඩ හරිම ලස්සනයි"#anurakumaradissanayake #npp
07:56
Video thumbnail
මිනිහෙක්ටත් වඩා උස ගෑස් සිලින්ඩරේ ගාල්ලේ ජනපතිගේ රැළියෙන් හමුවෙයි
02:18
Video thumbnail
අන්තිම මොහොතේ හොඳම තුරුම්පුව ඇදපු මාලිමාව
11:27
Video thumbnail
අනුරට අද නුගේගොඩ සුපිරි ආරක්ෂාවක් #anurakumaradissanayake
05:00
Video thumbnail
එදා ගෝල්ෆේස් පිරෙව්වා වගේම අනුර අද නුගේගොඩ පුරවයි
04:17

?