ඖෂධ, ඉන්ධන සහ පොහොර නැතිව දුක් විඳි අතීතය අමතක නොකළ යුතුයි – ජනපති (ඡායාරූප)

ඖෂධ, ඉන්ධන සහ පොහොර නොමැතිව මෙරට ජනතාව දුක් විඳි අතීතය කිසිලෙසකින් අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (20) පස්වරුවේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනය අමතමින්.

නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම වෙනුවෙන් මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

කොරෝනා සහ ආර්ථික අර්බුදය හමුවේ පැන නොගොස් රට වෙනුවෙන් වගකීම් ඉටු කළ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට මෙම සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා සිය ප්‍රණාමය පුද කිරීමට ද අමතක කළේ නැහැ.

ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳි අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතබා නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමග සියලු දෙනා එක්විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

2015 නව ඖෂධ පනත සම්මත කිරීමත් සමග සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය ස්ථාපිත කෙරුණා.

රට තුළ ඖෂධ මිල පාලනයට සහ කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන ලෙස කටයුතු කිරීමේ දී කොන්දේසි විරහිත කාර්යභාරයක් ඉටු කරන මෙම සංගමය රජයේ වකුගඩු අරමුදල සහ සෞඛ්‍ය අරමුදල ශක්තිමත් කිරීම ඇතුළු සමාජ සත්කාර රැසක් සඳහා සිය දායකත්වය ලබා දී තිබෙන්නක්.

WhatsApp Image 2024 06 21 at 11.19.36 1
WhatsApp Image 2024 06 21 at 11.19.36
WhatsApp Image 2024 06 21 at 11.19.37
WhatsApp Image 2024 06 21 at 11.20.51
WhatsApp Image 2024 06 21 at 11.20.56
WhatsApp Image 2024 06 21 at 11.22.01


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48