ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි බස් රථ රියදුරන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ සේවය කරනු ලබනවා.
ඔවුන් මෙලෙස සේවය කරන්නේ මෙල්බන් නගරයේ ප්‍රංශ සමාගමකට අයත් ට්‍රාන්ස්දේව් නම් ආයතනය සමඟ එක්වෙමින්.
2011 ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කළ රන්දිව් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක්දින තරග 31 ක් සහ පන්දු වාර විස්ස තරග 7ක් ක්‍රිඩා කර ඇති අතර, එහිදී කඩුලු 86 ක් බිඳ හෙලීමට සමත්ව ඔහු සමත් විය.
චින්තක ජයසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග 5ක් පමණයි.
මොවුන් බස් රථ රියදුරන් ලෙස සේවය කළද සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහගේ බලාපොරොත්තුව ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී විමයි.