ඕස්ට්‍රේලියාව සමඟ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලබන සදුඳා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවිය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මෙම තරගය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා කණ්ඩායමට කැඳවීමත් සමඟ ආරම්භක පිතිකරණ භූමිකාවේ කටයුතු කළ කුසල් ජනිත් පෙරේරාට සහ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට කණ්ඩායමේ සිය ස්ථානයන් අහිමිව යනවා.

ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගවලියේ දී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ දිමුත් කරුණාරත්නට පළමු තරග දෙකේ බැංකුවේ සිටීමට සිදු වුණේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් ජනිත් පෙරේරා තෝරා ගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ආබාධයකට ලක්ව නැවත කණ්ඩායමට පැමිණීමෙන් පසු අවසන් තරග පහේදී ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 24ක් පමණයි.

කුසල් පෙරේරාට ලෝක කුසලානයේ අවසන් තරඟ දෙකේ දී රැස් කිරීමට හැකිව ඇත්තේ ලකුණු 07ක් වීම ද විශේෂත්වයක්.

මේ අතර යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පළමු තරග දෙකේදීම ප්‍රතිවාදීන්ගේ දරුණු ප්‍රහාරයන්ට ලක් වූ අතර එම තරග දෙක තුල ඔහු යවූ පන්දුවාර 19ක දී ලකුණු 185ක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නා.

මේ අතර පාකිස්තාන තරගය අතරතුර හදිසියේම රෝහල් ගතකළ කුසල් මෙන්ඩිස් මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

බදාදා ලක්නව් වෙත පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දින දෙකක විවේකයක් ලබා දී ඇති අතර, සඳුදා පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහි ගැටුමට පෙර සෙනසුරාදා නැවත පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ පළමු තරග දෙකේ දී ම දරුණු පරාජයන්ට මුහුණදීමට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
38
+1
22
+1
78
+1
10
+1
39
+1
19
+1
29
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25
Video thumbnail
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට රු.මිලියන 56ක් වටිනා ජංගම පාංශු සහ ශාක විද්‍යාගාරයක්
04:12
Video thumbnail
සුපිරි වෙළඳසැල්වල විකිණීමට තිබූ කෝටි 2කට අධික වටිනා විදේශ මත්පැන් තොගයක් වටලයි
04:31
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ
00:53