ඕස්ට්‍රේලියාවට එරෙහිව කුළුඳුල් එක්දින ජයග්‍රහණය සොයා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද පිටියට

2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (04) පැවැත්වෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගය, මෙවර තරගාවලියේ පස්වන තරගයයි.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඉන්දියාව හමුවේ ලකුණු 59 කින් පරාජයට පත්වූ අතර,
ඕස්ට්‍රේලියාව සහභාගී වූ තරගය නවසීලන්තය පරාජය කරමින් ලකුණු 89කින් ජයගත්තා.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර එක්දින තරග 11ක් පවත්වා ඇති අතර, එම තරග සියල්ලම ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවස්ථා 07 කදී එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කර ඇති අතර, වත්මන් ලෝක ශූරියන් වන්නේ ද ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

දෙරට අතර අද (04) තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියාවර එරෙහිව සිය කුළුඳුල් එක්දින තරග ජයග්‍රහණය සොයා පිටියට පිවිසෙනු ඇති.

මේ අතර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂනයින්ට හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
1
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාටල් නිසා ජනපතිට යකා නගියි..කාටලය නොකැඩුවානම් අද ගෑසුත් නෑ
04:08
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හාමුදුරුවරු එකතුවෙනවා
09:09
Video thumbnail
මනුස්සකමට හොඳම උදාහරණය දුන් මිරිස්වත්තේ පුවත.."ඔක්කොම සල්ලි හරිනේ..ඔන්න මං ගෙනත්ම දුන්නා"
06:55
Video thumbnail
මහින්ද රාජපක්ෂට අපහාස කරලා ආණ්ඩුව වැරදි තැනට අත තිබ්බේ
07:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාව නිසා සජිත්ට රතු කට්ට පනී
06:25
Video thumbnail
14 දෙනෙක් එළොව යැවූ පස්සර බිහිසුණු බස් අනතුර..එදත් එතන ගල් අදත් ගල්, අනතුරක් වෙනකල්ද බලන් ඉන්නේ ?
07:28
Video thumbnail
මේ ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගන්න ඕනේ
07:04
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37