ඕස්ට්‍රේලියානු මීළඟ අගමැති තෝරන ඡන්ද විමසීම ඇරඹේ

ඕස්ට්‍රේලියානුවන් මිලියන 18ක් සිය මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරාපත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

වාමාංශික නැඹුරුවක් ඇති ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ අගමැති ඇන්තනි ඇල්බනීස් දෙවන වාරයක් අපේක්ෂාවෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර, අනෙක් අන්තයෙන් කොන්සර්වේටිව් ලිබරල් ජාතික සන්ධානයේ පීටර් ඩටන් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්ව සිටිනවා.

ඒ, අනුව මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ඇන්තනි ඇල්බනීස් සහ පීටර් ඩටන් අතර තියුණු තරගයක් නිර්මාණය කරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වනවිටත් ඇන්තනි ඇල්බනීස් සහ පීටර් ඩටන් දෙදෙනාම සිය ඡන්දය පවිච්චිකර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම, සෞඛ්‍ය සේවා සහ නිවාසවල මිල ඉහළ යෑම මෙම මැතිවරණයට ඝෘජුව බලපානු ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර බහුතර රජයක් පිහිටුවීම සඳහා එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 76ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටිය නගර සභාව දැඩි උණුසුම්..අගමැති වැරදි නෑ..නිලධාරින් තමා වැරදි..සද්ද දාන්න එපා වාඩිවෙන්න
11:55
Video thumbnail
ඇප ලැබුණු මතුගම සභාපති මහ හෙනඟක් මැදින් යන හැටි.."දැන් ඉදන්ම වැඩ..මහ ජනතාවගේ ඡන්දෙන් ආවේ වැඩ කරන්න"
04:21
Video thumbnail
ජනතාව 76 වසරක් මේ ගෝත්‍රිකයන්ට බලය දෙන්න හිතුවේ නෑ.. ආනන්ද පාලිත ලෙසටම ෆයර් වෙයි
06:49
Video thumbnail
එකම අසුනක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ එජාපයට.. දේව කෝපය දැන් ශ්‍රී ලංකාවට සිදුවෙන්නේ
06:49
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අගමැතිතුමිය වෙනුවෙන් අපි ඉන්නවා
05:54
Video thumbnail
උසස් පෙළ විභාගයට වෙන්න යන දේ මෙන්න..විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
13:54
Video thumbnail
මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සොයාගන්න විශේෂ පරීක්ෂණයක්
03:14
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආණ්ඩුවට පාඩමක් - අපිත් ලොකු ටෝක් දැම්මනේ
10:11
Video thumbnail
කාලගුණය ගැන අනතුරු අඟවයි - පීඩන අවපාතය දිවයිනට ඇතුළු වෙන ලකුණු
01:56


?