ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්ගේ වැඩ තහනම්

ඕමානයේ රැකියා සඳහා ගොස් සිටින මෙරට කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අදාළ ලේකම්වරයා මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් ඔහුට ද තර්ජන එල්ල වී ඇති බවත් පවසමින් විදේශ රැකියා අමාත්‍යවරයාට ලිපියක් ද යොමු කර ඇති බව ද වාර්තා වනවා.

ඕමානයේ මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කළ බව කියන එම ලේකම්වරයාට සංවිධානාත්මක පිරිසක් එක්ව චෝදනා සමාජගත කරන බව ද එම ලිපියේ සඳහන් කර ඇති බවයි වේරග වුණේ.

මේ අතර, මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) සවස මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින්.

සැකකරු 45 හැවිරිදි අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

මොහු කාන්තාවන් රවටා රැකියා සඳහා මැදපෙරදිග රටවලට යැවීමේ උප නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති බවයි වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

සැකකරු අද (20) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:57
Video thumbnail
මත්ද්‍රව්‍ය නැතුව අත්අඩංගුවට ගත්තොත් නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග - නි.පොලිස්පතිගෙන් සැර කතාවක්
03:47
Video thumbnail
බීඩි බොන්නේ නැත්තම් වෙන මොනාහරි බොනවද..?
05:32
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග එකතු කිරීමේ නව මධ්‍යස්ථානයක්
05:29
Video thumbnail
ජනාධිපතිව විශ්වාස කරලා තමයි අපි ආවේ - තාම මොකුත් කළේ නෑ
03:04
Video thumbnail
පිරිසක් CIDය ඉදිරිපිට බිම වාඩිවි විරෝධතාවක් - මෙයාලා දිවයින පුරා විශාල වශයෙන් මුදල් වංචා කරලා
02:25
Video thumbnail
දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරි පසිදුගේ දේහය නිවසට ගෙන ආ හැටි"ඇයි අම්මට නොකියා ගියේ මගේ රන්කැටියෝ"
03:27
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමා ෆෝන් එක බලාගෙන ඉංග්‍රීසියෙන් කළ කතාව
04:16
Video thumbnail
සූක්ෂම විදියට තැපැල් මගින් එන මත්ද්‍රව්‍ය ගැන විශේෂ හෙළිදරව්වක් - ප්‍රමාණය කුඩා වුණාට බලපෑම ලොකුයි
05:52
Video thumbnail
නව නාවික හමුදාපතිවරයා, අගමැතිතුමිය හමුවෙයි
01:15