spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්ගේ වැඩ තහනම්

ඕමානයේ රැකියා සඳහා ගොස් සිටින මෙරට කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අදාළ ලේකම්වරයා මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කළ බවත්, ඒ හේතුවෙන් ඔහුට ද තර්ජන එල්ල වී ඇති බවත් පවසමින් විදේශ රැකියා අමාත්‍යවරයාට ලිපියක් ද යොමු කර ඇති බව ද වාර්තා වනවා.

ඕමානයේ මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කළ බව කියන එම ලේකම්වරයාට සංවිධානාත්මක පිරිසක් එක්ව චෝදනා සමාජගත කරන බව ද එම ලිපියේ සඳහන් කර ඇති බවයි වේරග වුණේ.

මේ අතර, මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) සවස මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින්.

සැකකරු 45 හැවිරිදි අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

මොහු කාන්තාවන් රවටා රැකියා සඳහා මැදපෙරදිග රටවලට යැවීමේ උප නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති බවයි වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

සැකකරු අද (20) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?