ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු යළි රිමාන්ඩ්

ඩුබායි සහ ඕමානයේ සිදුකෙරෙන මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු දෙසැම්බර් 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අදාළ සැකකරු අද (24) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම ජාවාරමට සම්බන්ධ සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මඟින් පසුගිය 18 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.