විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (12) පැවති තරගයෙන් ලකුණු 105ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 226ක ඉලක්කයක් හඹා ගිය ඕමානයේ ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 120කට සීමා කරමින්.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර අතරේ කඩුලු 02 බැඟින් බෙදී ගියා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 225ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පවන් රත්නායක පන්දු 28ක් තුල වේගවත් ලකුණු 60ක් සහ කුසල් මෙන්ඩිස් පන්දු 45කින් ලකුණු 61ක් රැස්‌කර ගනු ලැබුවා.
එමෙන්ම ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ දී ක්‍රියාත්මක වූ නායක දසුන් ශානක පන්දු 20කින් වේගවත් ලකුණු 50ක් රැස්කර ගත්තා.
ඒ අනුව ඕමානය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 105ක විශාල ජයක් හිමිවුණා.













