AFC Banner
AFC Banner
Empty Ad

ඕමර්සායි ජැෆ්නා රජවරුන්ට ජය කැන්දයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (05) රාත්‍රියේ පැවති තරගයෙන් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ගෝල් මාවල්ස් කණ්ඩායම පරාජය කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුලු 05කින්.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නවසීලන්ත ක්‍රීඩක ටිම් සෙයිෆර්ට් මෙවර තරගාවලියේ දෙවන ශතකය වාර්තා කරමින් ලකුණු 104ක් රැස්කළේ පන්දු 63ක් පමණක් වැයකරමින්.

පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඕමර්සායි කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 188ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර, එහිදී ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 16ක් තුළ ලකුණු 30ක් රැස් කළා.

ජැෆ්නා කිංග්ස් පිළිතුරු ඉනිම ශක්තිමත් කළ රිලී රොසෝව් පන්දු 42ක් තුළ ලකුණු 67ක් රැස්කරනු ලැබුවා.

ජැෆ්නා ඉනිම අවසානයේ ජයග්‍රාහනය කරා රැගෙන ගිය ස්මතුල්ලාහ් ඕමර්සායි පන්දු 13ක් තුළ වේගවත් ලකුණු 35ක් රැස්කළ අතර, නායක චරිත අසලංක පන්දු 08ක් තුළ ලකුණු 14ක් රැස් කළා.

ඒ, අනුව පන්දුවාර 19යි පන්දු 04ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් මෙම තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?