spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕනෑම වාදයකට මමත් සුදානම් – විපක්ෂ නායක (වීඩියෝ)

තමන් ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් පැතිර යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමාද පිළිගන්නා බවයි විපක්ෂ නායකවරයා සදහන් කළේ.

විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් බවත් ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම මාතෘකාවක් පිලිබදව වාද විවාද කිරීමට තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.

විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් කළ යුතු බවත් ඔහු මෙහිදී තවදුරටත් සදහන් කළා.

එසේම තමා සමඟ තරගයට රටට සේවය කිරීමට පැමිණෙන ලෙසට ඕනෑම පක්ෂයකට අභියෝග කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (03) දින සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 140 වැනි අදියර යටතේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තු අයියන්කට්ටු වම් ඉවුර ර.දෙ.මි. පාසලේදී සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?