ඕක්ලන්ඩ් නුවර ජලයෙන් යටවෙයි

පවතින දැඩි වර්ෂාපතනයත් සමග නවසීලන්තයේ විශාලතම නගරය ලෙසට සැලකෙන ඕක්ලන්ඩ් නුවර ජලයෙන් යටවී තිබෙනවා.

මේ හේතුවෙන් ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වසා දමා ඇති අතර ජල ගැලීම් සමඟ මාර්ග අවහිර වී නිවාස ජලයෙන් යට වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විපතට පත්වු ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව නවසිලන්ත නව අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසා තිබෙනවා.

මෙම ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නවසීලන්තයේ විශාලතම නගරයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ද සඳහන්.

නගරයට සාමාන්‍යයෙන් ගිම්හාන සමයේ ලැබෙන වර්ෂාපතනයෙන් 75%ක් පැය 15ක් තුළ ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඕක්ලන්ඩ් හි උතුරු වෙරළේ වයිරෝ නිම්නයේ තිබී පුද්ගල මළ සිරුරක් ද සොයාගෙන තිබෙනවා.

නවසීලන්ත ආරක්ෂක බලකාය සහන සේවා සඳහා උපකාර කරන අතර පිඩාවට පත්වූවන් වෙනුවෙන් නගරය පුරා නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථාන පිහිටුවා තිබෙනවා.

ප්‍රධාන මාර්ග ද ගංවතුරෙන් අවහිර වීම හමුවේ මහාමාර්ගවල දිගු වාහන පෝලිම් ඇති අතර රථවාහන අනතුරු කිහිපයක් ද වාර්තා වූ බව සඳහන්.

40,000ක පමණ රසිකයින් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන ලද එල්ටන් ජෝන් ගේ ප්‍රසංගයක් ආරම්භ වීමට සියලු ක් කටයුතු සැලසුම් කර තිබියදී ආරම්භයට මොහොතකට පෙර එය අවලංගු කරන තිබෙනවා.

නවසීලන්තයේ නව අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම ඕක්ලන්ඩ් වෙත යාමට අපේක්ෂා කරන බවයි.

රටේ දේශගුණ විද්‍යා ආයතනය වන ජාතික ජල හා වායුගෝලීය පර්යේෂණ ආයතනය (NIWA) ප්‍රකාශ කර ඇත්තේ ඕක්ලන්ඩ් හි ස්ථාන ගණනාවක වාර්තාගත වර්ෂාවක් ලැබුණු දිනය අද බවයි.

ඉදිරි දින පහ තුළ ද නගරයේ විවිධ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?