ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට මහා බාධක පරය යළිත් අවදානමකට ගොදුරු වෙමින් පවතින බව බලධාරීන් පවසනවා.
එ්, මහා බාධක පරය මහා පරිමාණයෙන් ක්ෂය වීමේ අවදානමකට මුහුණ දීම හේතුවෙන්.
මෙලෙස පරය ක්ෂය වීමේ අවදානමකට ගොදුරුව ඇත්තේ තාප පීඩනයට ලක්වන කොරල්පර ඔවුන්ට ජීවය සහ වර්ණය ලබා දෙන ඇල්ගී ඉවත් කරන අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.
යුනෙස්කෝ ලෝක උරුමයක් වන මහා බාධක පරයෙන් වසර අටකට පසුව විශාල හානියක් අනාවරණය වූ පස්වන අවස්ථාව මෙයයි.
2016 වන තෙක් මෙලෙස මහා පරිමාණ ක්ෂය වීම් දෙකක් පමණක් වාර්තා වී ඇති අතර, පරයේ පැවැත්ම සඳහා හදිසි ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි විද්‍යාඥයින් පවසන්නේ.
ඔස්ට්‍රේලියාවේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 2,300km පුරා විහිදී ඇති මහා බාධක පරය ලොව විශාලතම කොරල්පර පද්ධතිය වන අතර එය සැලකෙන්නේ ලොව වඩාත්ම ජෛව විවිධත්වයක් ඇති වාසස්ථානවලින් එකක් ලෙසයි.
මහා බාධක පරයේ ගුවන් සමීක්ෂණයකින් පෙන්නුම් කළේ මුහුදු උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මහා බාධක පරය මෙලෙස ක්ෂය වීමේ අවදානමකට මුහුණ දී ඇති බවයි.
මෙම හානියේ බරපතලකම සහ ගැඹුර තීරණය කිරීම සඳහා පරීක්ෂණ සිදු වෙමින් පවතින බව මහා බාධක කොරල්පර සමුද්‍ර උද්‍යාන අධිකාරිය පැවසුවා.




