Empty Ad
AFC Banner
Empty Ad

ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් පිරිමි ශූරතාව යොවුන් ක්‍රීඩක සින්නර්ට

2025 වර්ෂයේ ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් පිරිමි (කේවල) ශූරතාව දිනා ගැනීමට ඉතාලි ජාතික ජැනික් සින්නර් සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේ දී ජර්මන් ජාතික ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් ව පරාජයට පත් කරමින්.

මෙම තරගාවලියේ අවසන් මහා තරගයට ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් විසින් ලෝක ටෙනිස් ශූරයා වන සර්බියාවේ නොවැක් ජෙකොවික් පරාජයට පත් කරමින් සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගය පැවැත්වුණේ ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර Rod Laver Arena ක්‍රීඩාංගණයේදියි.

එහි දී ඉතාලි ජාතික යොවුන් ක්‍රීඩක ජැනික් සින්නර් හමුවේ පළමු වටය, දෙවැනි වටය සහ තෙවැනි වටය ඇලෙක්සැන්ඩර් ලකුණු 6-3, 7-6ක් සහ 6-3ක් ලෙස පරාජයට පත්වුණා.

ඒ අනුව ජැනික් සින්නර් විසින් ඇලෙක්සැන්ඩර් ව දෙවැනි වරටත් අඛණ්ඩ ව පරාජයට පත් කරමින් ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් පිරිමි – කේවල ශූරතාව දිනා ගත්තා.

මෙහි විශේෂත්වය වනුයේ ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි තැන සිටින ස්වෙරෙව්ට පරාජයට පත්වීමට සිදුවීමයි.

මෙම ජයග්‍රහණයත් සමග සින්නර් ඉතාලියේ තෙවරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනූ පළමු ටෙනිස් ක්‍රීඩකයා බවට ද පත්වුණා.

23 හැවිරිදි සින්නර්ගේ ජයග්‍රහණය ගැන හිටපු විම්බල්ඩන් ශූර පැට් කෑෂ් බීබීසි වෙත සඳහන් කර ඇත්තේ දිනෙක ජැනික් සින්නර් ටෙනිස් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා වන බවට සැකයක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40

?