Empty Ad
AFC Banner
Empty Ad

ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි,එයාට ජොගින් යන්න දෙනවා

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යවා ඇතැයි පළවන පුවත්පත් වාර්තාවක් පිළිබඳව අද (29) කතාබහට ලක් කළා.

බොරැල්ල – මරදාන මාර්ගයේ ආනන්ද හන්දිය අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි මරදාන පොලිසියට අනුක්ත කොස්තාපල්වරයෙකුට මෙම සිද්ධිය වී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් ප්‍රධානියා ගේ බිරිඳ නිල නිවසේ සිට අතුරු මාර්ගය ඔස්සේ ශාරීරික ව්‍යායාම් සඳහා පා ගමනින් පැමිණ බොරැල්ල මරදාන ප්‍රධාන මාර්ගය වෙත යාමට සූදානම් වීමේදී මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයා ඇය නවතා සංචරණ නීති පනවා ඇති බැවින් එලෙස යාමට අවසර දිය නොහැකි බවට පවසා තිබුණා.

පොලිස් කොස්තාපල්වරයා දෙසට හැරුණු එම කාන්තාව උසස් පොලිස් ප්‍රධානියකුගේ නම පවසමින් තමා ඔහුගේ ඇයගේ බිරිඳ බවට පවසා කොස්තාපල්යාවරයාට බැනවදිමින් එම ස්ථානයෙන් පිටවීමට සූදානම් වීමේදී පෙර අයුරින්ම කොස්තාපල්වරයා මැඩම් නීතිය කාටත් එකයි, යනුවෙන් පවසා කරුණාකර ආපසු යන ලෙස දැනුම් දී තිබු බව අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් ප්‍රධානියාගේ බිරිඳ ජංගම දුරකථනය හරහා පොලිස් ප්‍රධානියාට ඇමතුමක් ලබාගෙන මේ බව පවසා කොස්තාපල්වරයා ට ඇසෙන සේ එහි හඬ වැඩිකර කොස්තාපල්වරයා දෙසට දිගු කර ඇසෙන්නට සලස්වා ඇති අතර පොලිස් ප්‍රධානියා කොස්තාපල්වරයා අමතා මම අහවලා කතා කරන්නේ. “ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි,එයාට ජොගින් යන්න දෙනවා” යැයි උස් හඬින් පවසා තිබූ බව පුවත්පත් වාර්තාවල සඳහන් වනවා.

ඊට පිළිතුරු ලබාදි ඇති කොස්තාපල්වරයා “සර්, සංචරණ නීති පනවලා නේ තියෙන්නේ. එතකොට ජොගින් යන අනිත් කට්ටියට මොකද කරන්නේ එයාලටත් යන්න දෙන්න ද ?” යනුවෙන් විමසා ඇති අතර එවිට පොලිස් ප්‍රධානියා ” අයිසේ ජොගින් ඇඳුම පිලිවෙලට ඇඳලා තියෙනවා නං යන්න දෙනවා” යයි පවසා දුරකථනය විසන්ධි කර තිබුණා.

ඒ සමගම කොස්තාපල්වරයාට දුරකථන ඇමතුමක් ලැබී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි පුංචි බොරැල්ල පොලිස් මාර්ග බාධකය රාජකාරි සඳහා වාර්තා කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?