Empty Ad
AFC Banner
Empty Ad

ඔබේ දරුවාත් ගේම් ගැහිල්ලෙන් බේරගන්න කරන්න ඕන දේ මෙන්න

ඔන්ලන් අධ්‍යාපනය ආරම්භ කළ දා සිට අන්තර්ජාල ක්‍රීඩාවලට (online games) ඇබ්බැහි වීමෙන් එක් දිනකට පමණක් මනෝ වෛද්‍ය සායනවලට දරුවන් තිදෙනකු පමණ යොමු කෙරෙන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පැවැසුවේය.

මෙරට අති බහුතරයක් කුඩා දරුවන් සහ නව යෞවනයන් ඉතාමත් භයානක ලෙස මෙම ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති බවත් අතැම් කුඩා දරුවන් ස්නානය කරන අවස්ථාවේ පවා අන්තර්ජාල ක්‍රීඩාවල යෙදීමේ පුරුද්ද ඇතහැර ගැනීමට නොහැකිව ඇති බවත් හෙළ වී ඇතැයිද වෛද්‍යවරයා පවසයි.

නාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන දරුවන්ද ක්‍රම ක්‍රමයෙන් මෙම ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති අතර මෙම දරුවන් කෙරෙහි දෙමාපියන් ඉතාමත් අවධානයෙන් සිටිය යුතු යැයි පැවැසූ වෛද්‍යවරයා අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වූ දරුවන් බහුතරයක්ම හැසිරෙන්නේ ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස බවද කීය.හෙතෙම මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (26 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම ක්‍රීඩාවල යෙදීමට දීමට දෙමාපියන් අවස්ථාව ලබා නොදෙන්නේ නම් මෙම ඇතැම් දරුවන් සියදිවි හානි කරගැනීමේ මානසික මට්ටමකට පත්වීමටද ඉඩ තිබීම කනගාටුවට කරුණක් බව විශේෂඥ මනෝ වෛද්‍යවරයා අවධාරණය කළේය.
මෙවැනි දරුවන්ගේ සමාජ සම්බන්ධතා සමාජ කුසලතා ඉතාමත් දුර්වල බවත් තමන්ගේ පවුල සමගද ඔවුන් පවත්වන්නේ දුරස්ථ සම්බන්ධතාවයකි.

එකවරම ජංගම දුරකථනය මෙම දරුවන්ගෙන් ඈත් කිරීමෙන් ඔවුන් ඉතාමත ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින් ඔවුන් මෙයින් ගලවාගත යුත්තේ ඉතාමත් සූක්ෂම ලෙසය. දෙමාපියන් මේ අවස්ථාවේ කළ යුත්තේ දරුවා සමග වැඩි වෙලාවක් ගත කරමින් නිර්මාණශීලී ක්‍රියාකාරකම්වලට දරුවා යොමු කිරීම බවත් වෛද්‍යවරයා කියා සිටී.

අශිකා ජයවීර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?