ඔබේ දරුවාත් ගේම් ගැහිල්ලෙන් බේරගන්න කරන්න ඕන දේ මෙන්න

ඔන්ලන් අධ්‍යාපනය ආරම්භ කළ දා සිට අන්තර්ජාල ක්‍රීඩාවලට (online games) ඇබ්බැහි වීමෙන් එක් දිනකට පමණක් මනෝ වෛද්‍ය සායනවලට දරුවන් තිදෙනකු පමණ යොමු කෙරෙන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පැවැසුවේය.

මෙරට අති බහුතරයක් කුඩා දරුවන් සහ නව යෞවනයන් ඉතාමත් භයානක ලෙස මෙම ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති බවත් අතැම් කුඩා දරුවන් ස්නානය කරන අවස්ථාවේ පවා අන්තර්ජාල ක්‍රීඩාවල යෙදීමේ පුරුද්ද ඇතහැර ගැනීමට නොහැකිව ඇති බවත් හෙළ වී ඇතැයිද වෛද්‍යවරයා පවසයි.

නාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන දරුවන්ද ක්‍රම ක්‍රමයෙන් මෙම ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති අතර මෙම දරුවන් කෙරෙහි දෙමාපියන් ඉතාමත් අවධානයෙන් සිටිය යුතු යැයි පැවැසූ වෛද්‍යවරයා අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වූ දරුවන් බහුතරයක්ම හැසිරෙන්නේ ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස බවද කීය.හෙතෙම මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (26 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙම ක්‍රීඩාවල යෙදීමට දීමට දෙමාපියන් අවස්ථාව ලබා නොදෙන්නේ නම් මෙම ඇතැම් දරුවන් සියදිවි හානි කරගැනීමේ මානසික මට්ටමකට පත්වීමටද ඉඩ තිබීම කනගාටුවට කරුණක් බව විශේෂඥ මනෝ වෛද්‍යවරයා අවධාරණය කළේය.
මෙවැනි දරුවන්ගේ සමාජ සම්බන්ධතා සමාජ කුසලතා ඉතාමත් දුර්වල බවත් තමන්ගේ පවුල සමගද ඔවුන් පවත්වන්නේ දුරස්ථ සම්බන්ධතාවයකි.

එකවරම ජංගම දුරකථනය මෙම දරුවන්ගෙන් ඈත් කිරීමෙන් ඔවුන් ඉතාමත ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින් ඔවුන් මෙයින් ගලවාගත යුත්තේ ඉතාමත් සූක්ෂම ලෙසය. දෙමාපියන් මේ අවස්ථාවේ කළ යුත්තේ දරුවා සමග වැඩි වෙලාවක් ගත කරමින් නිර්මාණශීලී ක්‍රියාකාරකම්වලට දරුවා යොමු කිරීම බවත් වෛද්‍යවරයා කියා සිටී.

අශිකා ජයවීර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04