“ඔබතුමන්ලා යක්කුන්ට බය නැත්නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා ලොකු චණ්ඩිකම් කතා කරන්න එපා” – දමිතා අබේරත්න

දමිතා අබේරත්න කියන්නේ ජනතා අරගලයේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක්.
දූෂිත පාලනයට එරෙහිව නිතරම හඬ අවදි කළ කෙනෙක් ලෙසත් ඇයව හදුන්වන්න පුළුවන්.

මේ ඇය දැක්වූ අදහස්..

“ඒ අස්සේ මහින්ද මහත්තයා කියනවා යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැලු.

යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හැදුවේ ඔයගොල්ලෝ නෙමෙයි.

අපි. ඔබතුමන්ලා යක්කුන්ට බය නැත්නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා ලොකු චණ්ඩිකම් කතා කරන්න එපා. එහෙම නම් එන්න මෙතනට. බය නැත්නම්. බහින්න මිනිස්සු අතරට.

මේ මොකක් ද මේ ලැජ්ජා නැති වැඩේ? මිනිස්සුන්ව මෙහෙම පාවලා දුන්නා, මුළු රටක් ම. දැන්වත් දැනෙන්නේ නැද්ද ඔය හිත්වලට? ඔයගොල්ලන්ගේ පුත්තු සැපෙන් ඉන්න හින්දා ද මේවා දැනෙන්නේ නැත්තේ? අනිත් දරුවෝ බඩගින්නේ. ඒක දැනෙන්නේ නැද්ද? මේ කියන්නේ මොකක් ද කියලා ඇත්තට ම කාලකන්නි දේශපාලනඥයින්ට දැනෙන්නේ නැද්ද? කරුණාකරලා මේ ඉල්ලන ඉල්ලීම ඉෂ්ට කරන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?