“ඔබතුමන්ලා යක්කුන්ට බය නැත්නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා ලොකු චණ්ඩිකම් කතා කරන්න එපා” – දමිතා අබේරත්න

දමිතා අබේරත්න කියන්නේ ජනතා අරගලයේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක්.
දූෂිත පාලනයට එරෙහිව නිතරම හඬ අවදි කළ කෙනෙක් ලෙසත් ඇයව හදුන්වන්න පුළුවන්.

මේ ඇය දැක්වූ අදහස්..

“ඒ අස්සේ මහින්ද මහත්තයා කියනවා යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැලු.

යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හැදුවේ ඔයගොල්ලෝ නෙමෙයි.

අපි. ඔබතුමන්ලා යක්කුන්ට බය නැත්නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා ලොකු චණ්ඩිකම් කතා කරන්න එපා. එහෙම නම් එන්න මෙතනට. බය නැත්නම්. බහින්න මිනිස්සු අතරට.

මේ මොකක් ද මේ ලැජ්ජා නැති වැඩේ? මිනිස්සුන්ව මෙහෙම පාවලා දුන්නා, මුළු රටක් ම. දැන්වත් දැනෙන්නේ නැද්ද ඔය හිත්වලට? ඔයගොල්ලන්ගේ පුත්තු සැපෙන් ඉන්න හින්දා ද මේවා දැනෙන්නේ නැත්තේ? අනිත් දරුවෝ බඩගින්නේ. ඒක දැනෙන්නේ නැද්ද? මේ කියන්නේ මොකක් ද කියලා ඇත්තට ම කාලකන්නි දේශපාලනඥයින්ට දැනෙන්නේ නැද්ද? කරුණාකරලා මේ ඉල්ලන ඉල්ලීම ඉෂ්ට කරන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11