AFC Banner
Empty Ad
Empty Ad

ඔබට යම් අසනීප තත්ත්වයක් තිබේ නම් සුරතලුන්ගෙන් ඈත්විය යුතුයි

යම් පුද්ගලයෙකුට කුමන හෝ අසනීප තත්ත්වයක් පවතින්නේ නම්, සුරතල් සත්වයින්ගෙන් ඈත්ව සිටිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩිලාන් ඒ.සතරසිංහ මහතා පවසයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදිත සිංහයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මේ අතර මෙරට සතුන් අතර කොවිඩ් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් පර්යේෂණ මේ වන විට සිදුකරමින් පවතින බව ද පැවසු ඒ මහතා, ආසාදිත වු සිංහයාගේ ධේනුව හා පැටව් තිදෙනා පිළිබඳ මේ වන විට වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද ඒ මහතා කියා සිටියේය.

මේ අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ කුඩා දරුවන්ට වැළඳෙන මල්ටි සිස්ටම් ඉන්ෆ්ලේමටරි සින්ඩ්‍රොම් නමැති මාරාන්තික රෝග තත්ත්වය මෙරටින්ද හඳුනාගෙන ඇති අතර එම තත්ත්වය සහිත දරුවන් 6 දෙනෙකු දැනට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?