ඔන්ලයින් මැණික් අලෙවියේ සීමාව ඉහලට

මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමයට අලෙවිකලහැකි සීමාව ඇමරිකානු ඩොලර් 3000 දක්වා ඉහල දමා තිබෙනවා.

මීට පෙර එම සීමාව ඇමරිකානු ඩොලර් 300 ලෙසයි පැවතියේ.

මෙම නීති ලිහිල් කිරීමේ අරමුණ වන්නේ අපනයන ආදායම ඉහල නැංවීමයි.

එමෙන්ම ප්‍රධාන තැපැල් කාර්‍යාල හරහා රේගු අවශ්‍යතා සම්පූර්න කිරීමෙන් අනතුරුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියට පිවිස සිය නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමයට අලෙවිකිරීමට ව්‍යාපාරිකයන්ට හැකියාව ලැබෙනවා.

මැණික් අපනයනයෙන් ශ්‍රී ලංකාව පසුගිය වසරේ උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 297කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?