ඔන්ලයින් අධ්‍යාපන ලබාදීමෙන් ඉවත් වූ අලුත්ම පිරිස

මෙරට දැඩි කතාබහකට ලක්ව තිබෙන කොතලාවල පනත් කෙටුම්පත සඳහා මේ වන විට රටපුරා විරෝධතා පැවැත්වෙමින් තිබෙනවා.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් විසින් මෙම විරෝධතාවයන් සිදුකරගෙන යනු ලබන අතර විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ද එයට විරෝධය දක්වමින් සිටිනවා.

මෙම පනතට විරෝධය දැක්විම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද සිය රාජකාරීවලින් අද (28) දිනයේ සිට ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් කරගෙන ආ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමද ආචාර්යවරුන් විසින් නවතා දමනු ඇති බවයි සඳහන් වන්නේ.

දැඩි මතවාදයකට තුඩු දී තිබෙන මෙම පනත ලබන අගෝස්තු මස 06 වැනිදා මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?