ඔන්ලයින් අධ්‍යාපනයේ අසාර්ථකභාවය රාජ්‍ය ඇමති පිළිගනී

පවත්නා කොවිඩ් අවදානම හමුවේ බිඳවැටී තිබෙන පාසල් දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කිරීම පිළිබඳව විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අද (11) අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ඔන්ලයින් අධ්‍යාපනයේ ඇති අසාර්ථකභාවය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර දැනට රට පුරාම සමස්තයක් ලෙස ඊට සහභාගි වන්නේ දරුවන් 22% පමණ බව ඇමතිවරයා ද පිළිගත් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

මේ අනුව ඊට විකල්ප වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික සියලු රූපවාහිනි නිශ්චිත කාලසටහනකට අනුව යොදාගත යුතු බවත් මෙහිදී පෙන්වා දී ඇත.

තවද දරුවන්ගේ සමාජානුයෝජනය පිළිබඳ ආකල්ප වර්ධනය සඳහා දේශන වෙනුවට ආකර්ෂණීය වැඩසටහන් දියත් කළ යුතු බවත් එහිදී යෝජනා වී ඇත.

මේ අතර දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් ඕනෑම සහයෝගයක් ලබාදීමට වෘත්තීය සමිති ලෙස සූදානම් බව ද එම නියෝජිතයන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

යල්වෙල පඤ්ඤාසේකර හිමි ,ජෝසප් ස්ටාලින්, මොහාන් වීරසිංහ , ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09