AFC Banner
AFC Banner
Empty Ad

ඔඩිසියස් සඳ මතට සාර්ථකව ගොඩබස්වයි

සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ පළමු පුද්ගලික සමාගම බවට ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වන ඉන්ටුඅටිව් මැෂින්ස් (Intuitive Machines) ඉතිහාසයට එක් වී තිබෙනවා.

ඔඩිසියස් (Odysseus) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට සාර්ථකව ගොඩ බස්වනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ එහි ජල මූලාශ්‍රයක් තිබිය හැකි බවයි.

අභ්‍යවකාශ යානය පසුගිය බ්‍රහස්පතින්දා ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් තුඩුවෙන් පිටත් වීමෙන් පසු පෘථිවියේ සිට කිලෝමීටර් 384,400ක් සඳ වෙත ගමන් කර තිබෙනවා.

සඳ මතුපිට අධ්‍යයනය කිරීමට සහ රේඩියෝ තරංග මැනීමට උපකාර වන විද්‍යාත්මක උපකරණ හයක් යානයේ රැගෙන යාමට නාසා ආයතනය විසින් ඉන්ටුඅටිව් මැෂින්ස් සමඟ ගිවිසුම් ගත වී තිබුණා.

හූස්ටන් නුවර ස්ථාපිත සමාගම එළඹෙන මාර්තු මාසයේ දී තවත් අභ්‍යවකාශ යානයක් යැවීමට බලාපොරොත්තු වන අතර එය සඳෙහි භූගත අයිස් සොයා ගැනීමට කටයුතු කරනු ඇති.

ඔඩිසියස් යානය විසින් ඇමරිකා එක්සත් ජනපද චිත්‍ර ශිල්පී ජෙෆ් කූන්ස් විසින් නිර්මාණය ලද කුඩා මූර්ති 125ක් ද රැගෙන යන අතර, ඒවා සඳ මතුපිටට ගොඩබසින පළමු කලා කෘති බවට පත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?