ඔඩිසියස් සඳ මතට සාර්ථකව ගොඩබස්වයි

සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ පළමු පුද්ගලික සමාගම බවට ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වන ඉන්ටුඅටිව් මැෂින්ස් (Intuitive Machines) ඉතිහාසයට එක් වී තිබෙනවා.

ඔඩිසියස් (Odysseus) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම අභ්‍යවකාශ යානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට සාර්ථකව ගොඩ බස්වනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ එහි ජල මූලාශ්‍රයක් තිබිය හැකි බවයි.

අභ්‍යවකාශ යානය පසුගිය බ්‍රහස්පතින්දා ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් තුඩුවෙන් පිටත් වීමෙන් පසු පෘථිවියේ සිට කිලෝමීටර් 384,400ක් සඳ වෙත ගමන් කර තිබෙනවා.

සඳ මතුපිට අධ්‍යයනය කිරීමට සහ රේඩියෝ තරංග මැනීමට උපකාර වන විද්‍යාත්මක උපකරණ හයක් යානයේ රැගෙන යාමට නාසා ආයතනය විසින් ඉන්ටුඅටිව් මැෂින්ස් සමඟ ගිවිසුම් ගත වී තිබුණා.

හූස්ටන් නුවර ස්ථාපිත සමාගම එළඹෙන මාර්තු මාසයේ දී තවත් අභ්‍යවකාශ යානයක් යැවීමට බලාපොරොත්තු වන අතර එය සඳෙහි භූගත අයිස් සොයා ගැනීමට කටයුතු කරනු ඇති.

ඔඩිසියස් යානය විසින් ඇමරිකා එක්සත් ජනපද චිත්‍ර ශිල්පී ජෙෆ් කූන්ස් විසින් නිර්මාණය ලද කුඩා මූර්ති 125ක් ද රැගෙන යන අතර, ඒවා සඳ මතුපිටට ගොඩබසින පළමු කලා කෘති බවට පත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22