ඔක්තෝම්බරයේ උද්ධමනය ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ දී 2.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා 2.7% ක් දක්වා වැඩි වී ඇති බවයි සඳහන් වන්නේ.

සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, ඔක්තෝම්බර් මාසයේ දී 4.1% ක් දක්වා වැඩි වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා .

එමෙන්ම, සැප්තැම්බර් මාසයේ දී 0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, ඔක්තෝම්බර් මාසයේ දී 1.5% ක් දක්වා වැඩි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?