‘ඒ’ – 09 ප්‍රධාන මාර්ගයේ බස් රථයක් පෙරළී මාරක අනතුරක් (ඡායාරූප)

‘ඒ’ – 09 ප්‍රධාන මාර්ගයේ වව්නියාව – නොච්චිමොටේ පාලම අසල දී යාපනය සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද (05) අලුයම අනතුරට ලක්ව තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි.

එහිදී බස් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

බස් රථයේ රියදුරුට රථය පාලනයකර ගැනීමට නොහැකිව එය මාර්ගයේ පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙක් නාවලපිටිය සහ වැල්වැටිතුරෙයි යන ප්‍රදේශවල පදිංචි 23 සහ 32 යන වයස්වල පසුවන්නන් වන අතර, අනෙක් පුද්ගලයා වයස් අවුරුදු 30ත් 35 අතර වියේ පසුවන අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් 09 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් මේ වනවිට වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?