AFC Banner
AFC Banner
Empty Ad

ඒජන්සියට ගිය කාන්තාවට කළ සැලකිල්ල පොලිසිය දක්වා යයි (වීඩියෝ)

කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකදී කාන්තාවකට එහි සේවක සේවිකාවන් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ කාන්තාවක්.

පහරකෑමට ලක් වු කාන්තාව ඒ පිළිබඳ පැමිණිලි කිරීමට කුරුණෑගල පොලිස් ස්ථානය වෙත ගිය අවස්ථාවේ ඇයව අත්අඩංගුවට ගත් බවටත් පහර කෑ කාන්තාව චෝදනා කළා.

ගම්පහ ප්‍රදේශයේ කාන්තාවක් කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකට ඊයේ ගොස් ඇත්තේ ඇයගේ 21 හැවිරිදි දියණිය විදෙස් ගත කරන අවස්ථාවේ අදාල ආයතනය විසින් ලබාදෙන බව කියු මුදලක් ලබාගැනීමටයි.

මුදල් ලබාගැනීමට විදෙස් රැකියා ආයතනයට ගිය කාන්තාවට ආයතනයේ සේවකයන් පහර දුන් බවත් ඒ් පිළිබඳව පැමිණිලි කිරීමට කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ ඇයව අත්අඩංගුවට ගත් බවත් කාන්තාව සමග පැමිණි ඇගේ යෙහෙළියක් ප්‍රකාශ කළා.

කාන්තාවට පහරදීම සම්බන්ධයෙන් පොලිසියෙන් පැමිණ ආරක්ෂිත කැමරා පරීක්ෂා කලේදැයි කළ විමසීමේදී ආයතනයේ සේවිකාවක් මෙලෙස අදහස් පළ කළා.

මේ පිලිබඳ වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය වාර්තාකරුව ජංගම දුරකථනය ඔස්සේ රෑගත කිරීමට ද ආයතන සේවකයෙක් කටයුතු කර තිබුනා.

මේ අතර කුරුණෑගල මුලස්ථාන පොලිසියේ අලංකාරයට තබා ඇති මල් පෝච්චිවල ද අදාල විදෙස් රැකියා ආයතනයේ නම සටහන් කර ඇති අයුරු දැක ගත හැකි වනවා.

ඊයේ පස්වරුවේ විදෙස් රැකියා ආයතනයේ කළමනාකාරියව ද අත්අඩංගුවට ගෙන පසුව දෙපිරිස මුලස්ථාන පොලිස් පරීක්ෂඛවරයා වෙත ඉදිරිපත් කර සමථ මණ්ඩලයට යොමු කිරීමට සටහන් යොදා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර , අදාල විදේශ රැකියා ආයතනය රජයේ නීති රීති උල්ලංඝනය කරමින් කාන්තාවන් විදෙස් ගත කිරීමට කටයුතු කරන බව ද විදෙස් ගත කාන්තාවක් හෙළිදරව් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
0
+1
1
+1
4
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?