එළියට යනකොට පරිස්සමින් කාලගුණයෙන් අනතුරු ඇඟවීම් (වීඩියෝ)

මේ දිනවල මෙරට වායුගෝලයේ පවතින අධික ආර්ද්‍රතාවය හේතුවෙන් එළිමහනේ සිදුකෙරෙන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ පවතින අධික ආර්ද්‍රතාවය හේතුවෙන් බාහිර ක්‍රි‍යාකාරකම්වල යෙදීමේදී සිරුරට නැගෙන දහදිය බොහෝ වේලාවක් රැඳී තිබෙන බවයි.

මේ හේතුවෙන් සිරුරේ උණුසුම සාමාන්‍ය දිනවලට වඩා ඉහළ යෑම හේතුවෙන් විවිධ සංකූලතා ඇතිවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පල කර සිටියේ ඊයේ (11) දිනයේ අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් මෙතෝදිස්ත මධ්‍යම මහා විදුහලේ පැවති මැරතන් තරගයකට සහභාගි වූ ක්‍රීඩකයෙකු අධික උණුසුම හේතුවෙන් මියෑම සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින්.

අදාළ විදුහලේ පැවැත්වෙන නිවාසාන්තර මළල ක්‍රීඩා තරඟයට සමගාමීව මෙම මැරතන් තරගය පැවැත්වුනා.

මේ සඳහා සහභාගි වෙමින් සිටි 16 හැවිරිදි සිසුවෙකු මැරතන් තරගය අතරතුර හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් තුරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමටයි පාසල් බලධාරීන් කටයුතු කළේ.

ඉන් අනතුරුව මෙම සිසුවාගේ තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරේපත්තු මූලික රෝහලට ඇතුළත් කළද ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත් හදිසි අසනීප තත්ත්වයක් යටතේ තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කෙරුණු අදාළ සිසුවාට නිසි ප්‍රතිකාර නොලැබුණු බව පවසා මෙතෝදිස්ත පාසලේ සිසු දරුවන් සහ මවුපියන් එම රෝහල ඉදිරිපිට විරෝධතාවක් පළ කළා.

මෙම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර කුපිත වූ ඇතැම් පිරිස් රෝහලට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමටයි කටයුතු කළේ.

මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවීමට සිදුවූ බව තිරුක්කෝවිල් පොලිසිය පැවසූවා.

කෙසේ වෙතත් පාසල් බලධාරීන් සහ තිරුක්කෝවිල් පොලිස් නිලධාරින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තිරුක්කෝවිල් මෙතෝදිස්ත විදුහලේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි විදර්ශන් නම් සිසුවෙක්.

මේ අතර මේ දිනවල පවතින අධික උණුසුම සහිත කාලගුණය හේතුවෙන් පාසල් බාහිර ක්‍රියාකාරකම් සිදුකිරීමේ දී වඩාත් වැඩි අවධානයක් යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථා කිහිපයකදීම දැනුම් දීම් කර තිබුණා.

පසුගිය පෙබරවාරි 28 වැනි දින අධ්‍යාපනය අමාත්‍යංශය නිකුත් කළේ එවන් එක් නිවේදනයක සටහන් වී තිබුණේ අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් 28 වෙනි දින සහ 29 වැනි දෙදින තුළ පාසල් සිසුන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙසයි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදන සහ ප්‍රදේශයේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් පාසල් බලධාරීන් අවධානය යොමු නොකළ අවස්ථා කිහිපයක් පසුගිය දිනවල වාර්තා වුණා.

පාසල් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අවසානයේ දරු දැරියන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම අවාසනාවට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?