එළිමහනට ගිය විට එකවර තවත් 06දෙනකුට බෝ වෙනවා – මාරාන්තික ප‍්‍රභේදයේ රෝග ලක්ෂණ මෙන්න

දැනට ලොව වේගයෙන්ම පැතිර යන මාරාන්තික කොරෝනා වෛරස් ප‍්‍රභේදය ලෙස සැලකෙන ඉන්දියානු ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය ආසාදනය වූ අයකු එළිමහනට ගිය විට එකවර පහසුවෙන් තවත් 06දෙනකුට පමණ වෛරසය පැතිරවීමේ හැකියාව පවතින බව එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

තරුණ අයකුට මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ විට එය නරක් වූ සෙම්ප‍්‍රතිශ්‍යාවක් සේ දිස් වන අතර වෛරසයේ රෝග ලක්ෂණ පිළිබඳව බලධාරීන් විසින් ජනතාව නිවැරදි ලෙස දැනුවත් නොකළහොත් ඔවුන් එය නොසලකා හැරීමට ඉඩ ඇති බව එංගලන්ත මහාචාරය ටීම් ස්පෙක්ටර් පවසන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේ වන විට ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය ඉන්දියාවේ පැතිර ගොස් ඇති එම වෛරස් ප‍්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් ලෙස හැසිරෙන්නට පටන් ගෙන තිබෙන බව පෙන්වා දෙන මහාචාර්ය ස්පෙක්ටර් හඳුන්වා දී ඇති උපාංගයක් හරහා ‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදය පිළිබඳව ලොව පුරා මිලියන 4කට අධික පිරිසකගෙන් රැස් කරගත් තොරතුරුවලින් මේ බව අනාවරණය වූ බව සඳහන් කර සිටිනවා.

මෙතෙක් එම ප‍්‍රභේදයේ දක්නට ලැබුණු ප‍්‍රධානතම රෝග ලක්ෂණයන් වූ උණ, වියළි කැස්ස හා ගඳ /සුවඳ /රස නොදැනීම මේ වන විට ප‍්‍රභේදය ආසාදනය වූ අයකු තුළ අඩුවෙන්ම දක්නට ලැබෙන රෝග ලක්ෂණ බවට පත්ව ඇති බවද ඔහු විසින් අවධාරණය කර තිබෙනවා.

මේ වන විට ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයේ දක්නට ලැබෙන ප‍්‍රධානතම රෝග ලක්ෂණ ලෙස හඳුනා ගෙන ඇත්තේ හිසරදය, උගුර රිදීම හා නාසයෙන් සොටු දියර ගැලීම වන අතර, මේවා අතරින් ප‍්‍රධානතම රෝග ලක්ෂණය වී ඇත්තේ හිසරදයයි.

සියලූ දේ එපා වූ ආකාරයක් දිස්වීමේ තත්ත්වයක් ද මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ අය අතර දක්නට ලැබෙන බවත් මෙම රෝග ලක්ෂණ සුළු වශයෙන් හෝ යමකු තුළ දක්නට ලැබුණහොත් වහාම කොරෝනා පරීක්ෂණයක් සිදු කර ගැනීමට එම තැනැත්තා පියවර ගත යුතු බවත් හෙතෙම අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48