එළවළු ගොවීන්ට විසදුම් …

එලවළු ගොවින්ගේ ගැටළු වලට මැදිහත් වි කඩිනමින් විසදුම් ලබාදෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (19) දින තමන්ට පොරොන්දු වු බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසිය.

නුවරඑලිය අග්‍රාමාත්‍ය නිල නිවසේදි මේ රටේ එලවළු ගොවින්ගේ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් කල බවත්,එහිදි මේ වන විට වෙලදපොලේ උග්‍ර එලවළු හිගයක් පවතින බවත්, ඒ අනුව කැරට් කිලෝවක් රු 450-480 වැනි මිලකටත් , මාළු මිරිස් කිලෝවක් රු 700-750 වැනි අධික මිලකට අලෙවි වන බවත්, තවත් උඩරට සහ පහතරට එලවළු කිහිපයකම මිල අධික ලෙස ඉහල  යාම හමුවේ මේ රටේ ආර්ථික මධ්‍යස්ථාන වල ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බව අග්‍රාමාත්‍යවරයා හමුවේ කියා සිටි බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

තවද පවත්නා තත්ත්වය මත ඉදිරියේදි දැඩි එලවළු හිගයක් රට තුල හට ගන්නා බවත්, කඩිනමින් ගොවින්ට රසායනික පොහොර ,කෘමි නාශක සහ දිලිර නාශක ලබාදුන්න හොත් එම එලවළු හිගය වලක්වා ගැනිමට හැකි බව අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කල බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලියේ එලවළු ගොවින්ගේ ඵලදාව අඩුවිම හමුවේ නුවරඑලියේ කෘෂි ආර්ථික තත්ත්වය පහත වැටි ඇති නිසා එම කෘෂි ආර්ථික ගොඩ නැගිමට මැදිහත් වන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් තමන්ද ඉල්ලිමක් කල බව එම සාකච්ඡාවට එක් වු නුවරඑලිය නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද දොඩම්පේගමගේ මහතා පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?