ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම ලොව බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙක් ලෙස සැලකෙන ලසිත් මාලිංග විසින් අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවන් වේග පන්දු යවන්නන් සොයා ගැනීම සඳහා වන වේග පන්දු වැඩමුළුවක් අද (14) කොළඹ දී සංවිධානය කර තිබුණා.
වයස අවුරුදු 17ත් 22ත් අතර ශාරීරක යෝග්‍යතාවය හිමි ක්‍රීඩකයින් පිරිසක් තෝරාගෙන ඒ අතරින් පන්දු යැවීමේ ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩකයින් හඳුනාගැනීම වෙනුවෙන් ලසිත් මාලිංග, මෙය සංවිධානය කර තිබුණා.
අද දිනය පුරා පැවති මෙම වැඩමුළුව සඳහා ක්‍රීඩකයින් 3500ක් පමණ ලියාපදිංචි වූ බවත් ඒ අතරින් ශාරීරික යෝග්‍යතාවය හිමි සහ පන්දු යැවීමේදී පැයට කිලෝ මීටර් 130ක් 135ක් පමණ වේගයකින් පන්දු යැවීමේ හැකියාව ඇති ක්‍රීඩකයින් තෝරා ගෙන ඔවුන් මාස 06ක පුහුණු වැඩමුළුවක් සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
කෙසේ වෙතත් අද පැවති මෙම වැඩමුළුවෙන් අනතුරුව ලසිත් මාලිංග විසින් මේ සම්බන්ධයෙන් සිය මුහුණුපොත වෙත සටහනක් එක්කර තිබුණා.
එහිදී මාලිංග සඳහන් කර ඇත්තේ තමාට අවශ්‍ය කරනුයේ වයස අවුරුදු 17ත් 22ත් අතර පැයට කිලෝ මීටර් 135ක පමණ වේගයක් සහිත පන්දු යවන්නන් වුවද අද දිනයේ දී ක්‍රීඩකයෙක් විසින් යවා තිබූ වේගවත්ම පන්දුව පැයට කිලෝ මීටර් 126ක් බවයි.
එමෙන්ම මෙම වැඩමුළුව අදින් අවසන් නොවන බවත් තවත් අදියර 09 පැවැත්වීමට නියමිත බවත් මාලිංග විසින් එම සටහනේ සඳහන් කර තිබෙනවා.
ලසිත් මාලිංග විසින් තබා තිබූ සම්පූර්ණ සටහන පහතින්,




