AFC Banner
Empty Ad
Empty Ad

එස් බී ගෙන් අමුතු කතාවක්: අඩව්වකටද සූදානම ?

පසුගිය දින කිහිපයේ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ එස්.බී. දිසානායක මහතා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ තමන්ගේ දේශපාලන අනාගතය පිළිබඳවයි.

එස්.බී.දිසානායක මහතා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්.

තීරණය මගේ අතේ

දැන් තමාගේ කාලය ඉවරයි දැයි තීරණය කළ යුත්තේ තමා මිස වෙන කවුරුවත් නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

තමාව දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනපතිට හා අගමැතිටවත් බැරි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

තමන් පොදු ජන පෙරමුණට එක් වූයේ ඒ පක්ෂයේ අයගේ ඉල්ලීමට බවයි මන්ත්‍රීවරයා හෙළිදරව් කරන්නේ.

ඇමතිකමත් දැන් ප්‍රශ්නයක්

මේ අවස්ථාවේ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දුන්නොත් එය එක පාරටම භාරගත නොහැකි බවත් ඒ ගැන සලකා බැලිය යුතුව තිබෙන බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

ඒ තමන් දෙන්නන් වාලේ දෙන ඇමතිකම් භාර ගැනීමට සූදානම් නැති නිසා බව ඊට හේතුව ලෙස දිසානායක මහතා පෙන්වා දෙනවාමන්ත්‍රීවරයාගේ අදහස.

තිබෙන කැබිනට් මණ්ඩලයද විද්‍යානුකූලව පත් කළ එකක් බව නොපෙනෙන බවද මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයාගේ අදහස.

තීරණයක් ගන්න කාලය හරි

කෙසේ වෙතත් තමා වැඩි කලක් ඉන්න බලාපොරොත්තුවක් නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

එහෙත් ඒ දේශපාලනයේද එසේත් නැතිනම් ආණ්ඩුවෙන්ද යන්න දිසානායක මහතා නිශ්චිතවම කියන්නේ නැහැ.

එස්.බී.දිසානායක මහතා මෙම මෙම මතවාදාත්මක අදහස් පළ කළේ හිරු රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?