එල්-නිනෝ සඳහා මුහුණ දීමේ සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිජනන ලංකා පුද්ගලික සමාගම සහ ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ආදී අදාළ ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

ඉදිරියේදී මතු විය හැකි එල්-නිනෝ තත්ත්වය මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර කෙරෙහි ඇති කරන බලපෑම සහ එකී ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණා.

මේ යටතේ දැනට පවතින ජලාශවල ජල ධාරිතා, කෘෂිකර්මාන්තය, පානීය ජලය සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඇති විය හැකි තෙරපුම කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර ආදී කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මෙවර ඇති වන එල්-නිනෝ තත්ත්වය වඩාත් සමීප විය හැක්කේ 2016 – 2017 වර්ෂවල ඇති වූ තත්වයට බව මෙහිදී පෙන්වා දුන් නිලධාරීහු විශේෂයෙන්ම ජල කළමනාකරණ සැලසුම ඒ අනුව සකසා ඇති බව පෙන්වා දුන්හ. මේ යටතේ 2026 වසරේ යල කන්නය මාස එක හමාරකට පමණ පෙර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවද ඔවුන් විසින් පෙන්වා දුන්නා.

ඇති විය හැකි තත්ත්වය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සහ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර විදුලි නිෂ්පාදනය මෙන්ම ඉදිරි යල කන්නය ඇතුළු කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම සහ පානීය ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඇති වූ අභියෝගවලට මුහුණ දුන් ආකාරයටම බාහිර අභියෝගයක් වන මෙම ගෝලීය තත්ත්වයද කළමනාකරණය කර ගැනීමේ හැකියාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිසි සැලසුම් ඔස්සේ කටයුතු කිරීමෙන්, ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගොපොලගේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.කේ.කේ. හේරත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් ඩී.ඩී.ජී.ඒ. ජයවර්ධන සහ අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42