එල් නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වෙයි – ලබන වසරේ බලපෑම දැඩිවෙයි

මේ වන විට එල් නිනෝ තත්ත්වය මෙරට තුළ ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පවසනවා.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාව දුර්වල එල් නිනෝ තත්ත්වයේ සිට මධ්‍යස්ථ එල් නිනෝ තත්ත්වය දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

මෙම තත්ත්වය ලබන වසරේ මාර්තු අප්‍රේල් දක්වා පැවතිය හැකි බවයි ඔහු පුරෝකථනය කරන්නේ.

මේ අතර මෙම තත්ත්වය හේතුවෙන් මෙරට වැසි රටාවේ යම් වෙනසක් සිදුවිය හැකි බව පෙන්වා දෙන ඔහු සඳහන් කළේ, ඇතැම් කාලවලදී එය ගංවතුර තත්ත්වයක් දක්වා ද වර්ධනය විය හැකි බවයි.

එමෙන්ම මෙරට නිරිතදිග මෝසම්, ඊසානදිග, මෙන්ම අන්තර් මෝසම් වැසි රටාවන්ද වෙනස් විය හැකි බවද ඔහු සඳහන් කළා.

මේ අතර මේ වනවිට මධ්‍යස්ථ එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වන එල් නිනෝව ඇති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත් 2027 වසරේ මුල් කාර්තුව තුළ වැසි තත්ත්වය අඩු වී නියඟයක් ඇති විය හැකි බවත් ඔහු අනතුරු අඟවා සිටිනවා.

ඒ, අනුව ලබන වසරේ මෙහි බලපෑම මෙරටට දැඩිව දැනෙන බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.

“මේ වෙනකොට ලංකාව ඇතුළු ලෝකයේ ගොඩක් රටවලට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම් පටන් අරන් තියෙන්නේ. මේ එල් නිනෝවක් අද ඇවිත් හෙට ඉවර වෙන්නේ නෑ. මේක ඇත්තටම ගත්තොත් මාස 10-12ක් අවුරුද්දක් දක්වා තියෙන්න පුළුවන්. එල් නිනෝ කියන එකේ අවුරුද්දක්ම අපිට පායන්නෙත් නෑ, අවුරුද්දක්ම අපිට වහින්නෙත් නෑ ඒක තමා අපි පැහැදිලිව කියන්නේ එල් නිනෝ සංසිද්ධියත් එක්ක අපේ නිරිත දිග මෝසම, ඊසාන දිග මෝසම ඒ වගේම අපේ අන්තර් මෝසම් වගේම මේ වැසි රටාවන් සහ උෂ්ණත්වයට බලපෑම් කිරීමක් තමයි මේ එල් නිනෝවෙන් සිද්ධ වෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49