“එයාලත් සැලැස්මක් ඇතුව එනවා, අපිත් සැලසුමක් ඇතුව එන්නම්”

ශ්‍රී ලංකාව සමඟ ඊයේ (10) පැවති තරගයේ දී අමතක නොවන ප්‍රහාරයක් දියත් කළ මොහොමඩ් රිස්වාන් පාකිස්ථාන කණ්ඩායමට තියුණු ජයක් හිමිකර දුන්නා.

එහිදී රිස්වාන් නොදැවී ලකුණු 131ක් රැස්කරමින් අවසානයේ තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

මෙම තරගයෙන් අනතුරුව මොහොමඩ් රිස්වාන් මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සඳහන් කළේ හයිද්‍රාබාද් තණ තීරුවේ ක්‍රීඩාකරන විට තමන් පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ ක්‍රීඩාකරන හැඟීමක් දැනුණු බවයි.

කඩුල්ල පිතිකරණයට හිතකර වන්නේ කෙසේද යන්න පිළිබඳව හයිද්‍රාබාද් හි තණතීරු භාරකරු සමඟ රසවත් සංවාදයක් පැවැත් වූ බව කී රිස්වාන් ඒ සම්බන්ධයෙන් අනාවරණයක් ද කළා.

“අපි පළවෙනි වතාවට ග්‍රවුන්ඩ් එකට ආපු වෙලාවේ ක්‍රීඩාංගණය භාරකරු කිව්වා, රිස්වාන්, ඔයා මේ ග්‍රවුන්ඩ් එකේ 100 දෙකක් ගහන්න ඕනේ. මට අදත් එයාව හම්බ වුණා.” රිස්වාන් සිනාමුසු මුහුණෙන් ඒ බව සඳහන් කර සිටියා.

“අපි ක්‍රීඩාංගණයට ළඟා වූ විට, අපේ පුහුණුකරු වන අබ්දුල් රහ්මාන් සහ මා සමඟ තවත් ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක් සිටියා, රිස්වාන් මේ තණතීරුව පිතිකරණ තණතීරුවක් වගේ කියලා ඔහු කිව්වා. තරගය අතර තුර අපි පන්දු යවන විට මම හිතන්නේ එය 32 වැනි හෝ 33 වැනි ඕවරයේ. ඒ වෙලාවේ මම මොහොමඩ් නවාස් සහ තවත් ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක්ට කිව්වා. අපි ශ්‍රී ලංකාව 340 ප්‍රමාණයකට සීමා කළොත් මම බලාපොරොත්තු වෙනවා ඒක තමයි හොඳම දේ, ඊට වඩා ඉහළින් ගියොත්, ඒ කියන්නේ අපි හොඳින් පන්දු යවන්නේ නැහැ කියන එක මම කිව්වා.”

මේ අතර පාකිස්ථානය මුහුණදෙන මීළඟ තරගය වන ඉන්දියාව සමඟ තරගයට ද හොඳ සැලැස්මක් යට‍තේ පැමිණීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

“අපිට අපේ මීළඟ තරගය, ඉන්දියාවත් එක්ක කියලා හැමෝම දන්නවා, නමුත් එයාලත් සැලැස්මක් ඇතුව එනවා, අපිත් සැලසුමක් ඇතුව එන්නම්.” යනුවෙන් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06