එපා නම් ආපහු භාර දෙන්න, රජයේ දේපල විනාශ කරන්න එපා

රජයෙන් නොමිලේ ලබාදෙන කාබනික දියර පොහොරවලින් නිසි ප්‍රයෝජන නොගෙන එම පොහොරවලට ප්‍රසිද්ධියේ හානි කරන්නන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල අංශ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා අවධාරණය කරනවා.

ඇතැම් ප්‍රදේශවල ගොවීන් කාබනික දියර පොහොර බෝතල් පොළවේ ගසා හානිකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ මෙය රජයේ දේපළ අවභාවිත කිරීමක් බවයි.

ප්‍රමිතියෙන් යුත් දියර පොහොර ලබා දී තිබියදීත් කාබනික වගාවට යොමුවීමේ රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමේ අරමුණින් කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරතවන බවද ඔහු පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?