එප්පාවල ප්‍රදේශයේ යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට

එප්පාවල ඇඳගල ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් පවතින බෝක්කුවක් තුළට වැටීමෙන් යතුරුපැදිකරුවෙකු ඊයේ (19) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෙරියකුලම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

ඔහු පෞද්ගලික රථ වාහන පරීක්ෂණ ආයතනයක එප්පාවල නගර ශාඛාවේ සේවය කර ඇති අතර සේවය නිමවී නිවස බලා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඒ වන විට තරමක වර්ෂාපතනයක් ද තිබී ඇති බවයි වාර්තා වන්නේ.

බෝක්කුවේ එක් කොටසක් ඉදි ඉදි කරමින් පවතින බැවින් මාර්ගයේ විවෘත කර තිබී ඇත්තේ එක් මං තීරුවක් පමණයි.

යතුරුපැදිය, ඉදිකරමින් තිබූ බෝක්කුව දෙසින්ම ධාවනය වී පසුව බාධකයකයන් හරහා ද ගමන් කර යකඩ බටයක ගැටී යතුරුපැදිය එම ස්ථානය පෙරලී ඇති අතර යතුරුපැදිකරු බෝක්කුව තුලට වැටී තිබෙනවා.

අදාළ බෝක්කුව අසල මාර්ග සංඥා මගින් බෝක්කුව ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කර ඇතත්, දැඩි අඳුරු ස්වභාවයක් ගන්නා මෙම ස්ථානයේ විදුලි ආලෝක මගින් පාලමේ ඉදිකිරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොන්ත්‍රාත් සමාගම කටයුතු කර නොමැති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අනතුර සිදුවන ආකාරය කිසිවකු දැක නොමැති අතර යතුරුපැදිය බෝක්කුව අසල වැටී තිබෙන අයුරු දුටු අසල්වාසීන් තරුණයා ගොඩට ගෙන එප්පාවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

තලාව එප්පාවල ඉපලෝගම මාර්ගය වසරකට ආසන්න කාලයක සිට අලුත් අලුත්වැඩියා කරමින් පවතින අතර ස්ථාන රැසක පාලම් බෝක්කු ඉදිකිරීමෙන් පවතින බව සඳහන්.

එප්පාවල ඇදගල මංසන්ධියේ ආසන්නයේ පිහිටි පාලම් බෝක්කු ද මාස ගණනාවක් ම ඉදි කරමින් පවතින බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.

මෙම බෝක්කුව තුළට මීට පෙරද පුද්ගලයින් දෙදෙනෙකු වැටී අනතුරක් සිදු වූ අතර ඔවුන්ගේ ජීවිත ද අනූනවයෙන් බේරුණු බව ජනතාව සඳහන් කළා.

මෙම අනතුර සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22