එන්නත ඉල්ලූ දේශපාලනඥයාට එරෙහිව වෛද්‍යවරු පෙළ ගැසෙයි

මේවන විට කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල බස්නාහිර පළාත ඇතුළු තවත් පළාත් තුනක සිදුකරමින් පවතී. මෙලෙස රජය විසින් නිසි වැඩපිළිවෙලකට එන්නත්කරණ වැඩසටහන සිදුකරන අතර ඇතැම් ස්ථාන කිහිපයක උණුසුම් තත්ත්වයන් වාර්තා වී තිබුණි.

එහි සිදු වූ ආසන්න සිදුවීම වූයේ අද(27) මොරටුව ප්‍රදේශයේ ජනතාවට කොරෝනා එන්නත ලබා දීමේදී තමන් නිකුත් කළ තුණ්ඩු අනුව එන්නත් ලබා දිය යුතු බවට ‌මොරටු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කිරීමත් සමග එහි ඉතා උණුසුම්කාරී වාතාවරණයක් මතුවීමයි.

එහිදී මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ රජයේ ‌සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පැමිණ එන්නත ජනතාවට ලබා දීමට සූදානම් වුවද නගරාධිපතිවරයා එම ස්ථානයට පැමිණ තමන් නිකුත් කළ තුණ්ඩුවලට එන්නත ලබා දිය යුතු බව ප්‍රකාශ කළත් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඊට විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.

එහිදී මොරටු නගරාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් පමණක් නොව ජනතාවද අසරණ කරමින් කටයුතු කරන ආකාරයක් දැකගත හැකි විය.

රටේම ජනතාව කොවිඩ්19 වසංගතයට මුහුණ දෙමින් සිටින මොහොතක එන්නත්කරණ වැඩපිළිවෙලටද දේශපාලනඥයින් මැදිහත්වීම ජනතාව පිළිකුල් ලෙස හෙළා දකී.

මොරටුවේදී අද ඇතිවූ සිද්ධිය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ඒෂියන් මිරර් වෙත පැවසූවේ එම සිද්ධිය පිළිබඳ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් වාර්තාවක් ඉල්ලූ බවයි.

කුමන බාධා පැමිණියද එන්නත්කරණ වැඩපිළිවෙල වෛද්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදුකරමින් පවතින බවද එන්නත්කරණ වැඩසටහනටත් දේශපාලනය මැදිහත්වීම අනුමත කළ නොහැකි දෙයක් බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15