Empty Ad
AFC Banner
Empty Ad

එන්නත් ගත්තොත් ඔබට හිමිවන දේ අධ්‍යයනයකින් හෙළිවෙයි

වයස අවුරුදු 50ට වැඩි සයිනෝෆාම් එන්නත ලබා නො ගත් පුද්ගලයින් අතර වාර්තා වූ මරණ එම වයස් කාණ්ඩයේ එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ මරණ ප්‍රතිශතයට වඩා 8.1% ගුණයකින් වැඩි බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ පවසනවා.

එමෙන්ම ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් වී යන එන්නත් ලබාගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අතර මෙතෙක් මරණ වාර්තා වී නොමැති බවයි ඇය පවසන්නේ.

සිනොෆාම්, ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් වී යන විවිධ එන්නත් හතරේ සාර්ථකත්වය සැසඳීම සඳහා කළ පළමු අධ්‍යයනය උපුටා දක්වමිනු යි මහාචාර්‍යවරිය මේ අදහස් පළ කළේ.

වයස අවුරුදු 50ට අඩු එන්නත් නො කළ කොවිඩ් රෝගීන්ගේ මරණ ප්‍රතිශතය සිනොෆාම් එන්නත් කළ අයට වඩා 3.8 ගුණයකින් වැඩි බවත් මෙම අධ්‍යනයේ දී හෙලි වී තිබෙනවා.

පර්යේෂණය උපුටා දක්වමින් මහාචාර්ය මලවිගේ ප්‍රකාශ කළේ සිනොෆාම් එන්නත ලබා ගත් අය අතර පී.සී.ආර් ධනාත්මක කොවිඩ් -19 රෝගීන් අතර මරණ ප්‍රතිශතය 0.46%ක් වන අතර එය මරණ 112ක්.

එමෙන්ම ෆයිසර්/බයෝටෙක් එන්නත ලබගත් පුද්ගලයින් අතර මෙලෙස වාර්තා වී ඇත්තේ මරණ තුනක් පමණයි.

එය ප්‍රතිශතාත්මක අගයක් වශයෙන් 0.15%ක්.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින් අතරින් මෙලෙස එක් මරණයක් පමණක් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 0.03%ක්.ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර්ය මලවිගේ පවසන්නේ “ඩෙල්ටාවට පෙර සහ පසු කාල සීමාව තුළ එන්නත් නො කළ පුද්ගලයින් හා සසඳන විට එන්නත් හතරේ ම ප්‍රතිඵල මෙම මරණ අඩු කර ගැනීමට ඵලදායී වූ බව අපි නිගමනය කළෙමු” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?