එන්නත් ගත්තොත් ඔබට හිමිවන දේ අධ්‍යයනයකින් හෙළිවෙයි

වයස අවුරුදු 50ට වැඩි සයිනෝෆාම් එන්නත ලබා නො ගත් පුද්ගලයින් අතර වාර්තා වූ මරණ එම වයස් කාණ්ඩයේ එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ මරණ ප්‍රතිශතයට වඩා 8.1% ගුණයකින් වැඩි බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ පවසනවා.

එමෙන්ම ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් වී යන එන්නත් ලබාගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අතර මෙතෙක් මරණ වාර්තා වී නොමැති බවයි ඇය පවසන්නේ.

සිනොෆාම්, ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් වී යන විවිධ එන්නත් හතරේ සාර්ථකත්වය සැසඳීම සඳහා කළ පළමු අධ්‍යයනය උපුටා දක්වමිනු යි මහාචාර්‍යවරිය මේ අදහස් පළ කළේ.

වයස අවුරුදු 50ට අඩු එන්නත් නො කළ කොවිඩ් රෝගීන්ගේ මරණ ප්‍රතිශතය සිනොෆාම් එන්නත් කළ අයට වඩා 3.8 ගුණයකින් වැඩි බවත් මෙම අධ්‍යනයේ දී හෙලි වී තිබෙනවා.

පර්යේෂණය උපුටා දක්වමින් මහාචාර්ය මලවිගේ ප්‍රකාශ කළේ සිනොෆාම් එන්නත ලබා ගත් අය අතර පී.සී.ආර් ධනාත්මක කොවිඩ් -19 රෝගීන් අතර මරණ ප්‍රතිශතය 0.46%ක් වන අතර එය මරණ 112ක්.

එමෙන්ම ෆයිසර්/බයෝටෙක් එන්නත ලබගත් පුද්ගලයින් අතර මෙලෙස වාර්තා වී ඇත්තේ මරණ තුනක් පමණයි.

එය ප්‍රතිශතාත්මක අගයක් වශයෙන් 0.15%ක්.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින් අතරින් මෙලෙස එක් මරණයක් පමණක් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 0.03%ක්.ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර්ය මලවිගේ පවසන්නේ “ඩෙල්ටාවට පෙර සහ පසු කාල සීමාව තුළ එන්නත් නො කළ පුද්ගලයින් හා සසඳන විට එන්නත් හතරේ ම ප්‍රතිඵල මෙම මරණ අඩු කර ගැනීමට ඵලදායී වූ බව අපි නිගමනය කළෙමු” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29