එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ නීතිය කල් යයි

පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේ දී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත අද සිට අනිවාර්ය කර තිබුණ ද එය බලාත්මක වීමට තවත් සතිදෙක තුනක් ගතවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

මේ අතර, අද සිට ලබන 31 වැනි දා තෙක් බලාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊයේ නිකුත් කෙරුණු අතර, ඒ යටතේ 5 ශ්‍රේණීයේ සිට ඉහළට 50%ක සාමාන්‍ය ධාරිතාවකට යටත්ව උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව තිබෙන අතර එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

ශාලාවන් හී සාමුහික වශයෙන් එක්රැස් වීම් වලදී සාමාන්‍ය ධාරිතාව 50%ක උපරිමයකටත්, පුද්ගලික නිවෙස්වල එක්රැස්වීම්වල දී පුද්ගලයන් 10ක උපරිමයකට යටත්වත් අවසර හිමිවනවා.

එමෙන්ම, අවමංගල කටයුතු පැය 24ක් තුළ අවසන් කටයුතු කළ යුතු අතර සහභාගී විය හැකි උපරිමය 30ක් පමණයි.

මේ අතර, එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද සිට ක්‍රියාත්මක බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබුණා.

එම තීරණය සම්බන්ධයෙන් කළ විමසීමක දී අමාත්‍යවරයා කියා සිටියේ, එන්නත් දෙක ම ලබා නොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීමට අදාළ නීති රාමුවට දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34