එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ නීතිය කල් යයි

පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේ දී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත අද සිට අනිවාර්ය කර තිබුණ ද එය බලාත්මක වීමට තවත් සතිදෙක තුනක් ගතවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

මේ අතර, අද සිට ලබන 31 වැනි දා තෙක් බලාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊයේ නිකුත් කෙරුණු අතර, ඒ යටතේ 5 ශ්‍රේණීයේ සිට ඉහළට 50%ක සාමාන්‍ය ධාරිතාවකට යටත්ව උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව තිබෙන අතර එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

ශාලාවන් හී සාමුහික වශයෙන් එක්රැස් වීම් වලදී සාමාන්‍ය ධාරිතාව 50%ක උපරිමයකටත්, පුද්ගලික නිවෙස්වල එක්රැස්වීම්වල දී පුද්ගලයන් 10ක උපරිමයකට යටත්වත් අවසර හිමිවනවා.

එමෙන්ම, අවමංගල කටයුතු පැය 24ක් තුළ අවසන් කටයුතු කළ යුතු අතර සහභාගී විය හැකි උපරිමය 30ක් පමණයි.

මේ අතර, එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද සිට ක්‍රියාත්මක බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබුණා.

එම තීරණය සම්බන්ධයෙන් කළ විමසීමක දී අමාත්‍යවරයා කියා සිටියේ, එන්නත් දෙක ම ලබා නොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීමට අදාළ නීති රාමුවට දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?