AFC Banner
AFC Banner
Empty Ad

එන්නතක් විදීමෙන් පසු රෝහලට ගෙන ගිය බිළිඳෙක් මරුට

මහනුවර නුගවෙල පදිංචි මාස හතරක වයසැති බිළිඳෙකු කොවිඩ් ආසාදිතව මරණයට පත්ව තිබෙන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසනවා.

තිත්තපජ්ජල රෝහලේදී මෙම දරුවාට පසුගිය 12 දින මාස හතරේදී ලබා දෙන එන්නත ලබාදී ඇති අතර, උණ සමග හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා පසුදින පෙරවරුවේ දරුවා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ප‍්‍රතිකාර ලබා දීමට මව පියවර ගෙන තිබුණා.එහිදී ප‍්‍රතිකාරවලින් සුව නොවීම නිසා එදින දහවල් එම දරුවා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙහිදි දරුවාව ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කර ඇති අතර ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරුව වුණා.පසුව පී.සී.ආර්. පරීක්ෂණයක්ද සිදුකර ඇති බවත් එදින රාත්‍රියේ දරුවා මියගිය බවත් ඔහුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරු කරමින් වාර්තාව නිකුත් වූයේ මරණයට සිදුවූවාට පසු බවත් අමල් ජයවර්ධන මහතා සඳහන් කරනවා.

මෙම දරුවාගේ පියා ඉතාලියේ රැකියාවක් සදහා විදේශගතව ඇත්තේ දරුවා උපදින්නට මාස කිහිපයකට පෙර බවයි වාර්තා වන්නේ.දරුවා මියයන විට පියා එම දරුවාව දැක නොතිබූ බවත් මරණ පරීක්ෂකවරයා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු නොකරන නමුත් මෙම දරුවා එන්නතක් ලබාදීමෙන් පසු හදිසියේ මරණයට පත්වීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?